අපෙන්ම ඇරඹුවෙමු .

Namal Rajapaksa
2 min readFeb 20, 2023

ඉස්සරම මිනිස්සු පුස්කොළ පොත් , සෙල්ලිපි වගේ දේවල් කියවලා ඉතිහාසය ඉගන ගත්තා.
යුග පරිණාමන් පස්සේ , මිනිස්සු අකුරු පාවිච්චියට හුරුවෙලා පොත් පත්තර වලින් ඉතිහාසය ගැන කියවල ඉහන ගත්තා .
අන්න ඒ ඉතිහාසයම ,අපිට කලින් යුගය ටීවී එකෙන් ගුවන් විදුලියෙන් ඉගනගත්තා .

ඒ හැමදේම පහුකරගෙන අද අපි ඉන්නේ ඩිජිටල් යුගයක .

සෝෂල් මිඩියා දැන් ඒ සියල්ලෙහි වැඩිම බර උහුලන ෆ්ලැට් ෆෝම් එක බවට පත්වෙලා තියනවා .

ගෙදර පරිප්පු හොද්ද උයන විදිහේ ඉඳන් රටේ නායකයා කව්ද කියන කාරණාව දක්වාම ඍජුව බලපෑම කරන්න පුළුවන්කම තියන ප්‍රයෝගිකම ෆ්ලැට් ෆෝම් එක සෝෂල් මිඩියා බවට පත්වුනාට , මිනිස්සු සෝෂල් මිඩියා පාවිච්චි කරන ක්‍රමවේදය ගැනනම් රටට ආදරේ මිනිස්සු විදිහට අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ .

අද අපි සෝෂල් මීඩියා තුල වපුරවමින් සිටින වයිරය ද්වේශය සහ චරිත ඝාතන කිරීම් වල අනිසි ප්‍රථිපල වර්තමානයේ අපි සැමට පමණක් නොව අනාගතයේ දරුවන්ටද ඒ හා සමානවම හිමි වෙනවා .

මන්ද ,මේ ඔබ සහ මම අද මේ ශෝෂල් මිඩියා වල ලියමින් ඉන්න දේවල් තමයි අනාගතේ දරුවන්ට රටේ ඉතිහාසය විදිහට බලන්න කියවන්න ඉතුරු වෙන්නේ .

අන්න ඒ තිළිණය සුන්දර සහ ධනාත්මක කිරීම සහ කරවීම සෝෂල් මිඩියා පාවිච්චි කරන අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක් .

වචනයට සීමා නොවී ඒ වගකීම යාවත්කාලීන කරවීම අපි ප්‍රයෝගිකවම ආරම්භ කළා .

මින් ඉදිරියට අපේ දේශපාලන ගමන් මග තුල ,දේශපාලන වාසියක් හෝ වෙනයම් කිසිම වාසියක් තකා හෝ කිසිම විටකදි කිසිවෙකුගේ චරිත ඝාතනය නොකිරීමටත් , මඩ ප්‍රචාර , දුෂ්‍යමාන තොරතුරු , සහ වගකීම් විරහිත කරුණු සමාජගත නොකිරීමටත් , එවැනි වයිරී අදහස් සහ චෝදනා වලට වලට කිසිම විටක පිළිතුරු නොදී සිටීමටත් , අවයිරී සමාජ මාද්‍ය මෙහෙයුමක් දියත් කරවීමටත් අපි වගබලා ගන්නෙමු .

රටේ ඉතිහාසය ලස්සනට ලිවීමේ වගකීම අප සතුයි .
අපි මේ වෙනස් කරවන්නේ ඔබෙත් මගෙත් දරුවන්ගේ ඉතිහාසයයි .

ආකල්ප වෙනසකින් තොරව රට ගොඩගත නොහැකි බව ඉඳුරාම දන්නා නිසාවෙන් ඒකාබද්ධ වූ සමාජ ශෝදනයක් සහිත පුළුල් ඉතිහාසගත ගෞරවනීය දේශපාලනයක් තුලින් රට ගොඩගැනීමේ හරවත් සෝෂල් මීඩියා සංස්කෘතියක පෙරගමන් කරුවෝ වීමේ ආරම්භය අපි සනිටුහන් කෙරුවෙමු .
අපි ඒ වගකීමේ පෙරගමන්කරුවෝ ලෙස ගමන් ඇරඹුවෙමු .

අද හෝ හෙට හෝ කවදාක හෝ ඔබ එකිනෙකා අපි සමග එක්වෙන බව අපි හුදෙක්ම විශ්වාස කරන්නෙමු.

ධනාත්මක ඩිජිටල් යුගයක සාඩම්බර ගමන් ගමක ආරම්භයයි මේ .

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

--

--

Namal Rajapaksa
Namal Rajapaksa

Written by Namal Rajapaksa

Member of Parliament in Srilanka

Responses (1)

Write a response