නිදහස් දින සුබ පැතුම් පණිවිඩය.

Namal Rajapaksa
2 min readFeb 3, 2022

ස්වකීය නිදහස උදෙසා කරන ලද අරගල මතින් මානව සංහතියේ ඉතිහාසය විචිත්‍රවත් විය නිදහස උදෙසා කළ එවැනි අභිමානවත් සටන් ඉතිහාසයකට උරුමකම් කියන අපි 74 වන ජාතික නිදහස් දිනය හරසරින් සැමරීමට එක්ව සිටිමු.

යටත් විජිත පාලනය හේතුවෙන් ශතවර්ශ ගණනාවක් තිස්සේ මෙරට පැවති වටිනා සංස්කෘතික උරුමයන් බොහෝ ප්‍රමාණයක් අපට අහිමි විය. නිදහස අහිමි වීම තුළ මෙරට දියුණුවටද එය දිගුකාලීන බාධාවක් විය

සියලු ජනතාවගේ පැතුමක් ලෙස එදා මල්ඵල ගැන්වුණු නිදහස දිනා ගැනීම වර්තමානයේ දී වඩාත් අර්ථවත් කරගැනීම අප සැම සතු වගකීමකි රටේ අනාගතය වෙනුවෙන් කැප වන තරුණ පරම්පරාවක් අප සතු වීම එහි ලා අතිශය වැදගත් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

නව ලොවට පිය මං කිරීම සඳහා මෙරට තාරුණ්‍යට අවශ්‍ය දිගුකාලීන මාවත විවෘත කර දීමට අපි දැනටමත් පෙරමුණ ගෙන ඇත්තෙමු.

ක්‍රීඩාව තුළින් අපේක්ෂිත ජයග්‍රහණ මෙන්ම විනය ගරුක රටක් නිර්මාණය කරමින් නිදහස්ව නිවහල්ව නැඟී සිටින ජාතියක් නිර්මාණය කිරීමේ වගකීම අපි දායක වී සිටිමු.

ලෝක මට්ටමෙන් පැතිරෙන වසංගතයක් අපගේ ජීවිත නිදහස ගෙවී ගිය වසර දෙක තුළ කොතරම් සීමා කළේ ද යන්න අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. තරුණ ජවය ඇති ව රට හමුවේ ආ එම අභියෝග ජය ගැනීමට අප සියලු දෙනා වෙහෙසී කටයුතු කළෙමු.

රජයේ එන්නත් කරන වැඩපිළිවෙළ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කැපවීමත් සිහිපත් කරමින් අද වැනි දිනයක රණවිරුවන් මෙන්ම සුව විරුවන් ද සිහිපත් කළ යුතු බව මාගේ විශ්වාසයයි.

නිදහස් සිතුවිලි තුළින් හැඩ වන අපගේ මාතෘභූමියේ අනාගතය තවදුරටත් සීමා කිරීමට උත්සහ දරන විවිධ බලවේග දේශීය හා විදේශීය වශයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද අප අමතක කළ යුතු නැත.

ඔවුන් ඔබට පරාජිත සිතුවිලි පෝෂණය කිරීම ගන්නා උත්සාහයට එරෙහි වීමේ නිදහස ද ඔබට ඇති බව සිහිතබා ගත යුතුය.

මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු විරුවන් ඒකීය රටක් වෙනුවෙන් කළ කැපකිරීම් සදා අමරණීය බව සිහිපත් කරන අතර නිදහස අගයන ජාතියක් ලෙස එක්ව පෙරට එන්නැයි මම ඔබට ආරාධනා කරමි.

නාමල් රාජපක්ෂ

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

--

--

Namal Rajapaksa
Namal Rajapaksa

Written by Namal Rajapaksa

Member of Parliament in Srilanka

Responses (1)

Write a response