
එන්න ඒ අයට අපේ දිරිය දෙන්න
Jul 30, 2021
එක් වෙන්න ඔවුන්ට පුළුවන් කියන්න!
පුළුවන් !!
ජය හඹා ලොවම කළඹන
බය නොබා පෙරට
පරදමින් පරාජිත බව
අභියෝග කරයි ලොවටම
පැරදුම පරදන
කාටත් පුලුවන්
දිරියෙන් දිදුළන
කාටත් පුලුවන්
ජව වඩා පිටිය ජයගෙන
දිය දෙබෑ කරන් පිහිනන
හිරු පරාද කර අවදිව
නෑ නිමා කළේ අදිටන
අරමුණ හඳුනන
කාටත් පුලුවන්
එන්න ඒ අයට අපේ දිරිය දෙන්න
එක් වෙන්න ඔවුන්ට පුළුවන් කියන්න!
පුළුවන් !!